Passed GCE O/L & A/L. Please refer to the job advert for further information.

ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ තනතුරු පුරප්පාඩු

වැඩ පරීක්ෂක (කොන්ත්‍රාත් ) තනතුර 

සුදුසුකම් :- වයස 45 නොවැඩි, අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේදී දෙවරකට නොවැඩි වාර ගණනකින් යටත් පිරිසෙයින් සම්මාන (04) ක් සහිතව විෂයයත් (06) කින් සමත් වීම. (සිංහල දෙමළ, ගණිතය, ඉංග්‍රීසි ද සහිතව.) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයෙන් සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර විෂයයන් 03 ක් සමත් වීම.

ප්‍රවීණතා :- තනතුරෙහි කාර්ය භාරයට අදාළව තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගන්නා ලද කාර්මික වෘත්තීය පුහුණු ආයතනයකින් නිකුත් කරන ජාතික වෘත්තීය කුසලතා (NVQ) (05) වැනි මට්ටමට නොඅඩු මට්ටමක ප්‍රවීණතා සහතිකයක් ලබා තිබීම. ශ්‍රී ලංකා පුර වැසියෙක් වීම.

සියලුම අයදුම් කරුවන් තමා විසින් සදා ගන්නා ලද ජීවදත්ත පත්‍රිකාව පහත ලිපිනයට යොමු කරන්න. අයදුම් කරන තනතුර ලියුම් කවරයේ වම්පස ඉහල කෙළවරේ සඳහන් කරන්න. ( විමසීම සහාකාර පරිපාලන නිලධාරී)

ජේ. ආර්. ජයවර්ධන මධ්‍යස්ථානය
අංක 191, අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07. දු.ක. - 0112 695 084 (පාලන)
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!