Prior experience in a similar role. Please refer to the job advert for further information.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය

ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානය(CEWAS) සඳහා සේවා සැපයීම සඳහා නඩත්තු ඉංජිනේරුවරයෙකු සහ තොරතුරු තාක්ෂණ කාර්මික ශිල්පියෙකු බඳවා ගැනීම.

සභාපති, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගාලු පාර, රත්මලාන, ජලය සහ සනීපාරක්ෂාව සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානය (CEWAS) සඳහා නඩත්තු ඉංජිනේරුවරයෙකු සහ තොරතුරු තාක්ෂණ කාර්මික ශිල්පියෙකු ලෙස සේවා සැපයීම සඳහා සුදුසුකම්ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

සවිස්තර පත්‍රිකා ලබා ගැනීම සඳහා ලංසු අවසන් කරන දිනට පෙර සාමාන්‍ය කාර්යාල දිනවල පැය 09.30 සිට පැය 15.00 දක්වා ලිඛිත ඉල්ලීමක් සහකාර සාමාන්‍යාධිකාරී (ටෙන්ඩර් සහ කොන්ත්‍රාත්) වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නිකුත් කරනු ලබන අතර, ලංසු අවසන් දිනය 2024 මැයි 20 දින පැය 10.00 වේ.

අවශ්‍ය සුදුසුකම් සහ වැඩ විෂය පථය සම්බන්ධව සියලු විස්තර සඳහා උනන්දුවක් දක්වන අයඳුම්කරුවන්, සහකාර සාමාන්‍යාධිකාරී (ටෙන්ඩර් සහ කොන්ත්‍රාත්) අංශය මඟින් දුරකතන අංක 011- 2605328 දිගුව 1750 ඔස්සේ හෝ ෆැක්ස් අංකය 011-2635885 මගින් වැඩිදුර විස්තර ලබාගත හැකි අතර සම්පූර්ණ සවිස්තර පත්‍රිකා සහකාර සාමාන්‍යාධිකාරී (ටෙන්ඩර් සහ කොන්ත්‍රාත්), ජා. ජහා. ජම.. ගාලුපාර රත්මලාන හිදී නොමිලේ පරීක්ෂා කළ හැකිය.

සභාපති,
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!